Derek Sivers

ඩෙරෙක් සයිවස් :මෙහෙයුමක් දියත් කරන්නේ කෙසේද

6,299,316 views • 3:09
Subtitles in 66 languages
Up next
Details
Discussion
Details About the talk
Transcript 65 languages
Translated by Dulini Mudunkotuwa
Reviewed by Peshala Jayasekara
0:11

TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය, ආරම්බයේ සිට අවසානය දක්වා එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු

0:22

පළමුවම, ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා, මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත් ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය

0:35

දැන් බලන්න, නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින් දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි දැන් මෙය ඔවුන් දෙදෙනාම (බහුවචනයෙන්) පිලිබදවයි දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට

0:45

ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ තනි පිස්සෙක් නායකයෙකු බවට (සිනහව) (අත්පොලසන් නද )

1:01

මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි තුන්දෙනෙක් කියන්නේ පිරිසක්. පිරිසක් කියන්නේ ‍ප්‍රවෘත්තියක් මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි. නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම හේතුව, ඔබට පෙනේවි නව අනුගාමිකයන් අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි. නායකයාව නොවෙයි

1:18

දැන් පැමිණෙනවා තව දෙන්නෙක්. ඒගමන්ම තව තිදෙනෙක් පැමිණෙනවා දැන් තිබෙන්නේ බලවේගයක්. මෙය තීරණාත්මක තැනක් දැන් තිබෙන්නේ බලවේගයක්. සැලකිල්ලෙන් බලන්න, බොහෝ දෙනෙක් එකතු වෙනවිට අවදානම අඩුයි අවිනිශ්චිතව, තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට, තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන් (සිනහව) ඊළඟ විනාඩිය තුල ඔබට පෙනේවි, පිරිස සමග රැදී සිටීමට කැමති අය මොකද, අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි එකතු නොවුනාට මෙලෙස තමයි අපි ව්‍යාපාරයක් ආරම්බ කරන්නේ

1:54

අපි නැවත ආවර්ජනය කර බලමු, මෙයින් ඉගෙනගත් පාඩම් ගැන පළමුව, ඔබ අයිති වන කාණ්ඩය තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම් මතක තබාගන්න වැදගත්කම ඔබගේ පළමු අනුගාමිකයට සමතත්වයෙන් සැලකීමෙහි මෙය ඔබගැන නොවෙයි, ඔබගේ මෙහෙයුම ගැනයි හරි, අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි

2:12

ඔබ හොඳින් අධ්‍යනයන කළා නම්, ලොකුම පාඩම ඔබ දුටුවාද, ඒ නායකත්වය අධි සම්මානයට පාත්‍ර වනවා ඔවු , කමිසය නැති තරුණයා තමයි පළමු වැන්නා ඔහුට තමයි සියලු කිර්තිය හිමිවන්නේ නමුත් ඇත්තවශයෙන්ම, වැදගත්ම පුද්ගලයා පළමු අනුගාමිකයායි ඔහු තමයි, තනි පිස්සෙක්ව නායකයෙකු බවට පරිවර්තනය කලේ අපිට කියනවා, අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල එය සාර්ථක වන්නේ නැහැ

2:31

ඔබ ඇත්තෙන්ම, මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම් අනුගමනය කිරීමට නිර්භය වන්න සහ, අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව නිර්භය වන්න, පළමු වැන්නා වී නැගීසිට ඔහුට එකතු වන TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද

2:45

ස්තුතියි (අත්පොලසන් නද)

වීඩියෝ පටයක් ආධාරයෙන් ඩෙරෙක් සයිවස් පහදා දෙනවා මෙහෙයුමක් ආරම්බ කරන්නේ කෙසේද කියා (එයට දෙදෙනෙක් අවශ්‍යයි)

About the speaker
Derek Sivers · Entrepreneur

Through his new project, MuckWork, Derek Sivers wants to lessen the burdens (and boredom) of creative people.

Through his new project, MuckWork, Derek Sivers wants to lessen the burdens (and boredom) of creative people.