මං අද කතා කරන්න යන්නේ සම්බන්ධය පිළිබඳවයි. විද්‍යාව සහ මිනිස් වටිනාකම් අතර ඇති දැන්, සාමාන්‍යයෙන් අප පිළිගන්නවා සදාචාරය පිළිබඳ ප්‍රශ්න, හොඳ සහ නරක, හරි සහ වැරදි කාරණා පිළිබඳ ප්‍රශ්න, විද්‍යාවට නිල වශයෙන් මතයක් නැති ප්‍රශ්න බව. විශ්වාසයක් තියෙනවා, විද්‍යාවට අපිට උදව් කරන්න පුළුවන් කියලා අපේ වටිනාකම් ලඟාකර ගැනීමට, නමුත් ඊට කිසිවිටෙකත් අපි වටිනාකම් ලෙස සැලකිය යුත්තේ මොනවාදැයි කියන්න බැහැ කියලා. එමෙන්ම, ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දෙනා -- මම හිතනවා බොහෝ දෙනා බොහෝ විට මෙහිදී සිතනවා, විද්‍යාව කිසිවිටක පිළිතුරු සපයන්නේ නැතිබව මිනිස් ජීවිතයේ ඉතාම වැදගත් ප්‍රශ්න, එනම් මෙවගේ ප්‍රශ්න වලට, "කුමක් වෙනුවෙන් ජීවත් වීම වටී ද?" "කුමක් වෙනුවෙන් මිය යාම වටී ද?" "යහපත් දිවියක් සමන්විත වන්නේ මොනවායින් ද?"
ඉතින් මම තර්ක කරන්න යන්නේ මෙය මායාවක් බව සහ විද්‍යාව සහ මිනිස් වටිනාකම් අතර වෙන්කිරීම මායාවක් බව යි. එවගේ ම ඇත්තෙන්ම සැලකිය යුතු තරමේ භයානක එකක් බවටයි, මානව ඉතිහාසයේ මේ මොහොතේ දී. දැන්, බොහෝ අවස්ථාවල කියනවා විද්‍යාවට මිනිස් වටිනාකම් සහ සදාචාරය සඳහා පදනමක් සැපයිය නොහැකි බව මොකද විද්‍යාව ගනුදෙනු කරන්නේ (පිළිගතහැකි, වලංගු) 'කරුණු' සම්බන්ධව නිසා. එමෙන්ම 'කරුණු' සහ වටිනාකම් අයත් වන්නේ කෂේත්‍ර දෙකකට කියලා. බොහෝ විට පිලිගැනෙනවා කිසිදු විස්තර කිරීමක් ඇතුළත් නැහැ කියලා, ලෝකය පවතින ආකාරය තුළ, ලෝකය පැවතිය යුත්තේ කෙසේද කියා. නමුත් මම හිතනවා මෙය ඉතා පැහැදිලිවම අසත්‍යයි කියලා. වටිනාකම් කියන්නෙත් එක්තරා ආකාරයක 'කරුණු'. ඒවා සවිඤ්ඤානික ප්‍රාණීන්ගේ යහපැවැත්ම පිළිබඳ කාරණා වෙනවා.
ඇයි අපිට ගල්පර්වත වලට ආචාරධර්මීය බැඳීමක් නැත්තෙ? ඇයි අපිට ගල්පර්වත වලට දයානුකම්පාවක් නොදැනෙන්නේ? ඒ, ගල්පර්වත වලට දුක් විඳිය හැකියි කියා අපි නොහිතන හින්දයි. එමෙන් ම අපි වඩා සැලකිලිමත් අපේ සහචර ප්රයිමේටාවන් (වානරයින්) ගැනයි, කෘමීන්ට වඩා, ඇත්තෙන්ම අපි එහෙමයි, මොකද කියනවානම් ඔවුන් විශාල පරාසයට අනාවෘත වෙනවා භව්‍ය වූ (සිදු වියහැකි වූ) සතුටකට සහ දුකකට. මෙහිදී සැලකිය යුතු තීරණාත්මක දේ වන්නේ මෙය 'කරුණු' මත පදනම් වූ සඳහන් කිරීමක් බවයි. මේ, අපි හරි හෝ වැරදි වෙන්න පුළුවන් දෙයක්. එසේම අපි වැරදියට අර්ථ විග්රහ කලොත්, ජීව විද්‍යාත්මක සංකීර්ණත්වය සහ අත්දැකීම් වල සම්භාවිතාවන්, එවිට, කෘමීන්ගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳව අපි වැරදි වෙන්න පුළුවන්.
හොඳයි. ඒවගේම කිසිම සඳහනක් නැහැ, කිසිම මිනිස් සදාචාර සංස්කරණයක සහ මට මේතාක් හමු වූ මිනිස් වටිනාකම්වල, ඒවා යම් මොහොතක ඌනනය නොකල හැකියි කියා, සවිඤ්ඤානික අත්දැකීම් පිළිබඳ සැලකිලිමත්වීම් බවට සහ ඒවායේ සිදුවිය හැකි වෙනස්කම්වලට. ඔබ ඔබේ වටිනාකම් ආගමෙන් ලබාගත්තත්, ඔබ සිතුවත්, හොඳ සහ නරක අවසාන වශයෙන් ගත්තම මරණින් මතු තත්වයන්ට සම්බන්ධයි කියා, එක්කො දෙවියන් සමඟ සදාකාලික සතුටට නැතිනම් නිරයේ සදාකාලික දුක් විඳීමකට, ඔබ සැලකිලිමත් වන්නේ සවිඤ්ඤාණිකත්වය සහ එහි වෙනස් වීම් පිළිබඳවයි. එසේම එවන් වෙනස්කම් මරණින් මතු ද අඛන්ඩව පැවතිය හැකි යැයි කීම ම 'කරුණු' පිළිබඳව වූ (තථ්‍ය වූ) සඳහන් කිරීමක් වෙනවා, ඇත්තෙන්ම, සත්‍ය විහ හැකි හෝ විය නොහැකි.
දැන්, යහපැවැත්මේ තත්වයන් පිළිබඳව කතා කරද්දී මේ ජීවිතයේ දී, මිනිසුන්ට, අපි දන්නවා එබඳු කාරණා පිළිබඳව සන්තතියක් තියෙනවා. අපි දන්නවා අසමත් රාජ්‍යයක ජිවත්වීමට අපට සිදුවෙන්න පුළුවන්, හැම දෙයක්ම වරුදිය හැකි සහ වරදින තැනක, අම්මලාට තමන්ගේ දරුවන්ට කිරි දෙන්න බැරි තැනක, ආගන්තුකයන්ට සාමකාමී සහයෝගී වැඩකටයුතුවලට පදනමක් සපයාගත නොහැකි තැනක, මිනිසුන්ව වග විභාගයක් නැතිව මරාදමන තැනක. ඒවගේම අපි දන්නවා මේ සන්තතිය දිගේ ගමන් කළහැකි බව, වඩාත් ශාන්ත වූ දෙයක් දෙසට, මෙවන් සමුළුවක් ගැන පවා සිතා ගත හැකි වූ.
ඒවගේම අපි දන්නවා, අපි දන්නවා නිවැරදි සහ වැරදි පිළිතුරු ඇති බව මේ අවකාශයේ ගමන් කරීම සඳහා. කොලරාව විශබීජ වතුරට එකතු කිරීම හොඳ අදහසක් වෙයි ද? එහෙම වෙන්න බැහැ. සැමදෙනාම ඇස්වහ ගැන විශ්වාස කිරීම හොඳ අදහසක් වෙයි ද, එතකොට කාටහරි නරක දෙයක් සිද්ධ වුනාම වහාම තමන්ගේ අසල්වැසියන්ට බනින්න පුළුවන් වෙන? එහෙම වෙන්න බැහැ. සත්‍යයන් තියෙනවා දැන ගත යුතු මිනිස් ප්‍රජාවන් සමෘධිමත් වෙන හැටි ගැන, එම සත්‍යයන් අපට තේරුනත් නැතත්. සදාචාරවත්බව මේ සත්‍යයන්ට අදාළ වෙනවා.
ඉතින්, වටිනාකම් ගැන කතාකරද්දි අපි කතා කරන්නෙ 'කරුණු' ගැන යි. දැන්, ලෝකය තුළ අපේ තත්වය බොහෝ මට්ටම් වලින් අපට තේරුම් ගන්න පුළුවන්. මෙය පවතිනවා ගෙනෝමික (ජාන-එකතු) මට්ටමේ සිට ආර්ථික පද්ධතිවල දක්වා ඉහලට සහ දේශපානික සැකසුම් දක්වා. නමුත් අපි මිනිස් යහපැවැත්ම ගැන කතා කරන්න යනවා නම් මිනිස් මොලය ගැන කතා කිරීමේ අත්යාවශ්යතාවක අප සිටිනවා. මොකද අපි දන්නවා අපේ ලෝකය පිළිබඳ අපේ අත්දැකීම සහ ඒ ලොව තුළ අපව, අර්ථ ගැන්වෙන්නේ මොලය තුළ යි.
මරණින් මතු කමක් සිදු වුවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවාට කන්‍යාවියන් 72දෙනෙක් මරණින් මතු ජීවිතයේ දී ලැබුණා වුනත්, මේ ජීවිතයේ දී, ඔහුගේ පෞරුෂය, ඔහුගේ ඉතා අවාසනාවන්ත පෞරුෂය, ඔහුගේ මොලයේ නිශ්පාදිතයක් වෙනවා. ඉතින්, සංස්කෘතියේ දායකත්ව, සංස්කෘතිය අපව වෙනස් කරනවා නම්, ඇත්තෙන් ම ඒක එහෙමයි, එය අපව වෙනස් කරන්නේ අපගේ මොලය වෙනස් කිරීම තුළිනුයි. ඉතින් එම නිසා මොන සංස්කෘතික විවිධත්ව තිබුණත් මිනිස් වර්ගයා සමෘධියට පත්වන්නේ කෙසේ ද කියා එය, අඩු ම තරමෙ සෛද්ධාන්තික ලෙස, අවබෝධ කර ගන්න පුළුවන්, සංදර්භය තුළ, එනම් පරිනත වෙන්නා වූ මනස පිළිබඳ විද්‍යාවේ, නියුරෝන විද්‍යාවේ, මනෝ විද්‍යාවේ, සහ වෙනත් දේවල්වල.
ඉතින්, මා තර්ක කරණ කාරණය තමයි වටිනාකම ඌනනය වෙනවා 'කරුණු' වලට, සවිඤ්ඤාණික අත්දැකීම් පිළිබඳ 'කරුණු' වලට, සවිඤ්ඤාණික ප්‍රාණීන්ගේ. ඒ නිසා අපට අවකාශයක් හිතේ මවාගන්න පුළුවන් මේ ප්‍රාණීන්ගේ අත්දැකීම්වල විය හැකි වෙනස් කම් පිළිබඳව. සහ මම හිතනවා මෙය එක්තරා ආකාරයක සදාචාර භූ තලයක් ලෙස අනුරූප වූ නිම්න සහ ශීර්ෂ සහිත, සවීඤ්ඤාණික ප්‍රාණීන්ගේ යහපැවැත්මේ වෙනස්කම් වලට, පුද්ගලික සහ සාමූහික යන දෙ ආකාරයේ ම. ඒ වගේම සඳහන් කළ යුතු එක් කාරණයක් තමයි මිනිස් යහපැවැත්මේ විවිධ තත්ව ඇති බව අපි ඉතා කලාතුරකින් පිවිසෙන, ඉතා ටික දෙනෙකු පිවිසෙන. මේවා අප සොයා ගත යුතු වෙනවා. අර්ථාන්විතව පවසන්න පුළුවන් සමහර විට සමහරක් මේ තත්ව ගුප්ත හෝ අධ්‍යාත්මික හෝ කියලා. සමහර විට අපට පිවිසිය නොහැකි තත්ව තියෙන්න පුළුවන් අපේ මනස් ව්‍යුහගත වී ඇති ආකාරය නිසා නමුත් වෙනත් මනස් වලට ඒවාට පිවිසෙන්න පුළුවන්.
දැන් මං නොකියන්නේ මොනවා ගැනද කියලා කියන්න මට ඉඩ දෙන්න. මම කියන්නෙ නැහැ විද්‍යාව අනිවාර්යයෙන් ම මේ අවකාශය සිතියම්ගත කරාවි කියලා, එසේ නැත්නම් අපට විද්‍යාත්මක පිළිතුරු තියෙනවා කියලා සෑම සිතා ගත හැකි සදාචාර ගැටළුවකට ම. මම හිතන් නෑ, උදාරණයකට ගත්තොත්, ඔබ යම් දිනක උපදෙස් පතාවි කියලා සුපිරි පරිගණකයකින්, ඔබ දෙවැනි දරැවකුත් හැදිය යුතු ද කියලා, නැත්නම් අපි ඉරානයේ න්‍යෂ්ටික පහුසම් වලට බෝම්බ හෙලිය යුතුද කියලා, එක්කො අපිට TED වල සම්පූර්ණ පිරිවැය ව්‍යාපාර වියදමක් ලෙස අඩු කළ හැකි ද කියලා. (සිනා) නමුත් ප්‍රශ්න මිනිසුන්ගේ යහපැවැත්මට බලපෑම් කරනවා නම් එවිට ඒවාට පිළිතුරු තිබෙනවා, අපට ඒවා සොයා ගන්න පුළුවන් වුනත් බැරි වුනත්. හුදෙක් මේ කාරණය පිළිගැනීමෙන් පමණක් ම, හරි සහ වැරදි පිළිතුරු තියෙනවා කියලා පිළිගැනීමෙන් පමණක් ම මිනිසුන් කොහොම ද සමෘධිමත් වෙන්නේ කියන ප්‍රශ්නයට, අප සදාචාරය පිළිබඳ කතා කරන ආකාරය වෙනස් වේවි එමෙන් ම අපේ බලාපොරොත්තු වෙනස් වේවි අනාගත මිනිස් සහයෝගීතාව පිළිබඳව.
එමෙන් ම, උදාහරණයකට ගත්තොත්, අපේ රටේ ප්‍රාන්ත 21ක් තියෙනවා පන්ති කාමරය තුළ ශාරීරික දඬුවම් නීත්‍යානුකූල වූ. ගුරුවරයෙකුට නීත්‍යානුකූල වෙනවා ළමයෙකුට ලී පතුරකින් පහර දීමට, තදින්, එමෙන් ම නිල්වෙනතුරු සහ දියපට්ට එනතුරු සහ හම පැලෙන තුරු පවා. එමෙන් ම සිය දහස් ගණන් ළමයි, මේ නිසා, මෙයට පාත්‍ර වෙනවා සෑම වසරකම. මේ ඥානාලෝකය ලැබූ දිස්ත්‍රික්ක වල පිහිටීම් ඔබව මවිතයට පත් කරන්න අසමත් වේවි. අපි කතා කරන්නේ නැහැ කෙනෙක්ටිකට් ගැන.
මේ චර්යාව සඳහා හේතු දැක්වීම ඉතා පැහැදිලිවම ආගමික එකක්. විශ්වයේ මැවුම්කරු, තමා විසින් කියා තිබෙනවා යෂ්ටිය පරිසම් කරන්න එපා කියලා, දරුවා නරක් වීමට ඉඩහරිමින්. මෙය ආප්තෝපදේශ 13 සහ 20, සහ මං හිතනවා, 23. නමුත් අපට පැහැදිලිව පසක් වන ප්‍රකට පැණය ඇසිය හැකි යි. හොඳ ද? ඒක හොඳ අදහසක්, සාමාන්‍යයෙන් කියනවා නම්, දරුවන් පාත්‍ර කිරීම, වේදනාවට සහ ප්‍රචණ්ඩත්වයට සහ ප්‍රසිද්ධ නින්දාවට දිරි ගන්වන ක්‍රමයක් ලෙස, සෞඛ්‍ය සම්පන්න චිත්තවේගීය වර්ධනය සහ යහපත් හැසිරීම? (සිනා) කිසිම සැකයක් තියෙනව ද මේ ප්‍රශ්නයට පිළිතුරක් ඇති බවට, සහ එය සැලකිය යුතු කාරණයක් බවට?
දැන්, ඔබ අතරින් බොහෝ දෙනෙක් තැවෙන්න පුළුවන් යහපැවැත්ම පිළිබඳ සංකල්පනය ඇත්ත වශයෙන්ම නිර්වචනය නොකළ එකක් වීම ගැන, සහ පිටින් පෙනෙන පරිදි යළි-ගොඩනැංවීම සඳහා නිරන්තරව විවෘත වෙනවා කියන එක ගැන. හොඳයි එහෙමනම්, කොහොම ද ඒ අනුව තියෙන්න පුළුවන් වන්නේ යහපැවැත්ම පිළිබඳ වාස්තවික සඳහනක්? හොඳයි, සාම්‍යයක් ලෙස සලකමු, කායික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය. කායික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය නිර්වචයනය වෙලා නැහැ අපි මේ දැන් මයිකල් ස්පෙක්ට(ර්) ගෙන් ඇසූ පරිදි. එය අවුරුදු ගණනාවකට වෙනස් වෙලා නැහැ. මේ පිලිමය නෙලපු කාලේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය 30 විතර වෙන්න ඇති. දැන් එය 80ක් පමණ වෙනවා සංවර්ධිත රටවල් වල. කාලයක් එන්න පුළුවන් අපි අපේ ගෙනෝමය සමඟ දඟලද් දී එක්තරා ආකාරයකට, මැරතන් එකක් දුවන්නට නොහැකි බව, වයස අවුරුදු 200 දී, අතිශය ආබාධිත තත්වයක් ලෙස සැලකේවී. ඔබ දන්නව ද, මිනිස්සු ඔබට ආධාර දේවි ඔබ ඒ තත්වයේ ඉඳිද්දී. (සිනා)
මතක තබා ගන්න, මෙන්න මේ කාරණය, එනම් සෞඛ්‍යය පිළිබඳ සංකල්පය විවෘත වීම, අවංකව ම සංස්කරණය සඳහා විවෘත වීම, එය අරුත් සුන් වූවක් කරන්නේ නැහැ. වෙනස, සෞඛ්‍යමත් අයෙකු සහ මළ අයෙකු අතර අප විද්‍යාවේ දී කරන ඕනෑම එකක් තරමට ම පැහැදිලි සහ ආනුෂංගීය වෙනවා. දැන්, සඳහන් කළ යුතු තව දෙයක් තමයි සදාචාර භුතලයේ බොහෝ ශීර්ෂ තිබිය හැකි බව. සඵල වීම සඳහා සමාන ආකාර තියෙන්න පුළුවන්. මිනිස් සමාජයක් සංවිධානය සඳහා සමාන ආකාර තියෙන්න පුළුවන් මිනිස් සමෘධිය උපරිම කරන්නා වූ ආකාරයට.
දැන්, ඇයි මෙය අවතක්සේරු නොකරන්නේ වාස්තවික වූ සදාචාරයක්? හොඳයි හිතන්න අපි ආහාර ගැන කතා කරන හැටි. මම කිසිවිටෙක පෙළඹෙන්නේ නැහැ ඔබ සමඟ තර්ක කරන්න කෑම සඳහා එක ආහාරයක් තිබිය යුතු බවට. පැහැදිලිව ම ද්‍රව්‍ය පරාසයක් තියෙනවා සෞඛ්‍යමත් ආහාර වලට ඇතුළත් වන්නා වූ. නමුත් ඒ කෙසේ වුවත් පැහැදිලි වෙනසක් තියෙනවා ආහාර සහ වසවිස අතර. බොහෝ නිවැරදි පිළිතුරු ඇත යන කාරණය, "ආහාර යනු මොනවා ද?" යන ප්රශ්නය සඳහා, අපව පොළඹවන්නේ නැහැ, මිනිස් පෝෂණය පිළිබඳ සත්‍යන් නැතැ යි කීම සඳහා. දැන්, බොහෝ දෙනෙක් කලබල වෙනවා විශ්වීය සදාචාරයක් විසින් ඉල්ලා සිටීවි කියලා කිසිදු ව්‍යතිරේකයක් පිළිනොගන්නා සදාචාර ප්රඥප්ති.
ඉතින්, උදාහරණයකට කියනවා නම්, බොරු කීම අතිශයින් ම වැරදියි නම්, බොරු කීම සැම විටම වැරදි වෙන්න ඕන එසේම ඔබට ව්‍යතිරේකයක් සොයාගත හැකි නම්, එහෙම නම් සදාචාරමය සත්‍යයක් කියලා දෙයක් නැහැ. ඇයි අපි මෙසේ සිතන්නේ? සාම්‍යයක් ලෙස සලකා බලමු, චෙස් ක්‍රීඩාව. දැන්, ඔබ හොඳින් චෙස් ක්‍රීඩා කරන්න යනව නම්, ඔබේ රැජිනව කැපෙන්න දෙන්න එපා වැනි මූල ධර්මයක් රැකීම ඉතා හොඳයි. නමුත් පැහැදිලිව ම මෙහි දී ව්‍යතිරේක පිළිගන්නව. ඔබේ රැජිනව කැපෙන්න ඉඩ හැරීම අති දක්ෂ ක්‍රියාවක් වන අවස්ථා තියෙනවා. එය ඔබට කරන්නට ඇති එකම හොඳම දේ වන අවස්ථා කියෙනවා. එහෙම වෙලත්, චෙස් කියන්නේ පරිපූර්ණ වාස්තවිකත්වයක් සහිත විශයපථයක්. මෙතන ව්‍යතිරේක තියනවා කියන කරුණ කිසිවිටෙකත් ඒ බව වෙනස් කරන්නේ නැහැ.
දැන්, මෙය ගෙන එනවා අපව ඇදීම් වල ප්රභවයට, සදාචාර විශයේ දී සිදු කිරීමට, මිනිසුන් දක්ෂ වූ. සලකා බලන්න කාන්තා සිරුර පිළිබඳ මහා ප්රශ්නය. ඒ ගැන කුමක් කළ හැකි ද? හොඳයි මෙන්න ඒ ගැන ඔබට කළ හැකි එක දෙයක්, ඔබට පුළුවන් ඒ අයව ආවරණය කරන්න. දැන්, මේක ද ස්ථාවරය පොදුවේ කතා කරනවා නම්, අපේ ප්‍රාඥ සමාජයේ අපි මෙයට අකමැති වෙද්දී ත්, අපි හිතාවි මෙය වැරදියි කියලා බොස්ටන් හෝ පාලෝ ඇල්ටෝ වල, අපි කවුද, කියන්නට පෞරාණික සංස්කෘතිවල, එහිම-පෝෂිත සාඩම්බට පුරවැසියන් තම බිරින්දැවරුට සහ දියණියන්ට බල කිරීම වැරදියි කියා, රෙදි මළු වල ජීවත් වන්නට? ඒසේ ම අපි කවුද ඔවුන් වැරදියි කියලා කියන්නට පවා ඒ අයට වානේ කේබල් වලින් ගැසීම ගැන, නැතිනම් බැටරි ඇසිඩ් මූණට විසි කිරීම ගැන, මෙලෙස වසා හිර කර තැබීමේ වරප්‍රසාදය ඔවුන් ප්‍රතික්ෂේප කළොත්?
එහෙම නැතිනම් අපි කවුද අපි මෙය නොකියා සිටින්න? අපි කවුද, බොරු රඟපෑම් කරන්නට, අපි මිනිස් යහ-පැවැත්ම ගැන දන්නෙ ටිකක් නිසා, මෙවන් පරිචාරයන් ගැන අපි තීන්දු තීරණ රහිත විය යුතු නිසා? මම කතා කරන්නේ නැහැ ස්වකැමැත්තෙන්ම අඳින හිජාබයක් ගැන, මම හිතන විදියට නම් කාන්තාවන්ට හැකියාව තියෙන්න ඕන තමන් කැමති ඕනෑම දෙයක් අඳින්න. නමුත් ස්වකැමැත්ත යන්නෙ හි අදහස කුමක් ද, සමාජක, ගැහැණු ළමයකු දූෂණයට ලක්වුනාම ඇයගේ තාත්තාගේ පළමු ආවේගය, බොහෝ අවස්ථාවල, ලජ්ජාව නිසාවෙන් ඇයව මරා දැමීමට නම්.
ඒ කාරණයට ටිකක් ඉඩ දෙන්න ඔබේ මනස තුළ පුපුරා යන්නට. ඔබේ දුව දූෂණයට ලක්වෙනවා, එවිට ඔබට කරන්න ඕන දේ ඇයව මරා දැමීම. මොනවා ද සම්භාවිතාවන්, නියෝජනය කරන්නා වූ මිනිස් සමෘධියේ උච්චතම අවස්ථා?
දැන්, මෙසේ කීමෙන් කියන්නේ නැහැ අපට තියෙනව කියලා පරිපූර්ණ විසඳුමක් අපේ සමාජයේ. උදාහරණයකට මෙන්න මේ වගේ, පත්තර-සඟරා කඩේකට ගියහම මේ ආකාරයි බොහෝ ස්ථාන වල ශිෂ්ඨාචාරවත් වූ ලෝකයේ. දැන්, සත්‍ය ලෙස සැලකුවොත්, බොහෝ පුරුෂයන්ට, දර්ශනය පිළිබඳ උපාධියක් අවශ්‍ය වෙන්න පුළුවන් මේ පිංතූරවල යම් වරදක් දකින්න. (සිනා) නමුත් අපි ගැඹුරින් සිතන මොහොතක නම් ඉන්නෙ අපිට අහන්න පුළුවන්, "මේක ද හොඳම විදහා දැක්වීම, මානසික සමතුලිත බවේ, තාරුණ්‍යය සහ ලස්සන සහ ස්ත්‍රී දේහය ආදී විචල්‍යයන්ට සාපේක්ෂව?" මං අදහස් කරන්නේ, මේක ද ප්‍රශස්තම පරිසරය අපේ දරුවන් ලොකුමහත් කරන්නා වූ? එහෙම වෙන්න බැහැ, හරි ද. ඉතින්, සමහරවිට තියෙන්න පුළුවන් යම් ස්ථානයක් මේ පරාසයේ මේ අන්ත දෙක අතර වඩා හොඳ තුලනයක් නිරූපණය කරන? (අත්පොලසන්) සමහර විට එවන් ස්ථාන රැසක් තිබෙන්න පුළුවන්.
ඒ වගේම, මිනිස් සංස්කෘතියේ අනෙක් වෙනස් කම් ද සැලකූ පසු සදාචාර භූ තලයේ බොහෝ ශීර්ෂ තිබෙන්න පුළුවන්. නමුත් සලකා බැලීමට කාරණය තමයි, අපට තියෙනවා බෝහෝ ආකාර මේ ශීර්ෂයක නොසිටින්න. දැන්, පුදුමයට කාරණය, මගේ දෘශ්ටිකෝණයෙන් බලද්දී සාමාන්‍ය වශයෙන් මා සමඟ එකඟ වන අය සහ සදාචාර ප්‍රශ්නවලට හරි සහ වැරදි පිළිතුරු තියෙනවා කියලා සිතන අය තමයි එක් ආකාරයක හෝ තවත් ආකාරයක ආගමික හැඟුම්-අවුලුවන්නන්.
ඒ වගේ ම ඇත්තෙන්ම එ් අය හිතනවා ඒ අයට නිවැරදි පිළිතුරු තියෙනවා කියලා සදාචාර ප්‍රශ්නවලට ඔවුන්ට එම පිළිතුරු ලැබුණේ සුළං සුළියක හඬකින් නිසා, ඔවුන් බුද්ධිමත් විශ්ලේෂනයක් කළ නිසා නොවේ, හේතු සහ තත්ව පිළිබඳ, මිනිසුන්ගේ සහ සතුන්ගේ යහපැවැත්මේ. ඇත්තෙන් ම, ආගමෙ හි මේ දැරීමේ ශක්තිය බොහෝ දෙනා සදාචාර ප්‍රශ්න දෙස බලන්නා වූ කාචයක් වශයෙන්, බොහෝ සදාචාර කතිකාවන් අයින් කර තියෙනවා, මිනිස් සහ සත්ව දුක් විඳීම් වල සැබෑ ප්‍රශ්න වලින්. මේ නිසා තමයි අපි වැය කරන්නේ අපේ කාලය සමලිංගික විවාහය වගේ කාරණා ගැන කතා කරමින් සහ ජන සංහාරයන් හෝ න්‍යෂ්ටික ප්‍රගුණන වැඩසටහන් හෝ දිළිඳු බව හෝ වෙනත් විශාල විපාක ගෙනදෙන වාද විශය ගැන කතා නොකරමින්, නමුත් ජන-හැඟුම්-අවුලුවන්නන් එක දෙයක් පිළිබඳව නිවැරදි යි. අපට අවශ්‍ය වෙනවා මිනිස් වටිනාකම් පිළිබඳ සාර්වත්‍ර, විශ්වීය සංකල්පයක්.
දැන්, මෙහි මග අවුරා සිටින්නේ කුමක් ද? ඇත්තෙන්ම, සැලකිය යුතු එක දෙයක් තමා අපි වෙනස් දෙයක් කරන්නේ සදාචාරවත් බව ගැන කතා කරද්දී, විශේෂයෙන් ම නිරාගමික, විද්වත්, විද්‍යාඥ ආකාර. සදාචාරය ගැන කතා කරද්දී අපි මත පිළිබඳ වෙනස්කම් ඇති බව අගය කරනවා, ජීවිතයේ වෙන කිසිම ක්ෂේත්රයක දී නොකරන ආකාරයෙන්. ඉතින්, උදාහරණයක් වශයෙන් දලයි ලාමා සෑම උදෑසනක ම නැගිටිනවා කරුණා භාවනාව කරමින්. ඒ වගේම එතුමා හිතනවා මිනිසුන්ට උදව් කිරීම අනිවාර්යය අංගයක් කියලා මිනිසාගේ සතුටේ. අනෙක් අතට අපට ඉන්නවා 'ටෙඩ් බන්ඩි' වගේ අය. ටෙඩ් බන්ඩි හරිම ආසයි පැහැරගෙන යන්න සහ දූෂණය කරන්න සහ වද දෙන්න සහ මරන්න, තරුණ කාන්තාවන්ව.
ඉතින්, අපට පෙනී යනවා, අවංකවම තම මත පිළිබඳ වෙනසක්, කොහොම ද කෙනෙකුගේ කාලය පලදායී ලෙස වැය කරන්නේ කියලා. (සිනා) බොහෝ බටහිර ප්‍රාඥයන් මේ තත්වය දෙස බලා කියනවා, "බලන්න, දලයි ලාමාට කිසිවක් නැහැ සත්‍ය වශයෙන් ම නිවැරදි වීමට, සත්‍ය වශයෙන් ම නිවැරදි වීමට, නැතිනම් ටෙඩ් බන්ඩිට සත්‍ය වශයෙන්ම වැරදි වීමට, නියම තර්තකයක් පිළිගන්නා වූ, විද්‍යාවේ වපසරිය තුළ වැටෙන්නා වූ. ඔහු කැමතියි චොකලට් වලට, ඔහු කැමතියි වැනිලා වලට. එක්කෙනෙක්ට අනෙකාට කිව හැකිව ඇති කිසිම දෙයක් නැහැ අනෙකාව පෙළඹවිය හැකි වූ. ඒ වගේම සැලකිය යුතුයි අපි විද්‍යාවෙ දී මෙහෙම කරන්නෙ නැහැ.
වම් පස සිටිනවා එඩ්වර්ඩ් විටන්. ඔහු තන්තු න්‍යායවාදියෙක්. ඔබ ඇසුවොත් දක්ෂම භෞතික විද්‍යාඥයන් ගෙන් කවුද දැනට ඉන්න දක්ෂතම භෞතික විද්‍යඥයා කියලා, මගේ අදහස අනුව නම් බාගයක් කට්ටිය කියාවි එඩ් විටන් කියලා. අනික් බාගේ කියාවි ඒ අය ප්‍රශ්නෙට අකමැති බව. (සිනා) ඉතින් මොකද වෙන්නෙ මම භෞතික විද්‍යා සමුළුවකට ඇවිල්ලා මෙහෙම කිව්වොත්: "තන්තු වාදය කින්නේ කියන්නේ ප්‍රෝඩාවක් එය මා හා අනුනාද වෙන්නේ නෑ. එය මගේ තේරීම නෙවෙයි, ක්ෂුද්‍ර පරිමානයේ දී, විශ්වය දෙස බැලීමට ගන්නා. මම රසිකයෙක් නෙවෙයි." (සිනා) ඇත්තෙන් ම, කිසිම දෙයක් වෙන එකක් නැහැ මොකද මම භෞතික විද්‍යඥයෙක් නොවන නිසා, මට තන්තු වාදය තේරෙන්නේ නැහැ. මම තමයි සුපිරි තන්තු වාදයේ ටෙඩ් බන්ඩි. (සිනා) මාව සාමාජිකයෙක් ලෙස ගන්න කැමති කිසිම කිසිම සුපිරි තන්තුවාදීන් ගේ සංගමයකට ඇතුළත් වෙන්න මම කැමති වෙන් නෑ.
නමුත් මෙයයි ඇත්තෙන්ම කාරණය. අපි 'කරුණු' පිළිබඳව කතා කරන සැම විටම සමහර මත බැහැර කළ යුතු මයි. ඒක නිසයි කියන්නේ විශේෂඥ බලමණ්ඩලයක් තිබිය යුතුයි කියලා. ඒක තමයි දැනුම වලංගුයි කියලා කියන්න ඕන වෙන්නේ. කොහොම ද අපි අපට ප්රත්යක්ෂ කරගෙන තියෙන්නේ සදාචාර විශය ක්ෂේත්රයේ සදාචාර විශේෂඥයෝ කියලා පිරිසක් නැහැ කියලා, නැත්නම් සදාචාර දක්ෂතා හෝ සදාචාර ධීමතුන් පවා? කොහොම ද අපි අපිටම ඒත්තු ගන්වගෙන තියෙන්නේ හැම මතයක්ම ගණන් ගත යුතුයි කියලා? කොහොම ද අපි අපිටම ඒත්තු ගන්වගෙන තියෙන්නේ සෑම සංස්කෘතියකටම අදහසක් තියෙනව කියලා මේ විශයන් සම්බන්ධව, සලකා බැලීමට තරම් වටිනා? තලේබානුවන්ට තියෙනව ද භෞතික විද්‍යාව පිළිබඳ අදහසක්, සලකා බැලීමට තරම් වටිනා? නැහැ. (සිනා) කොහොම ද ඒ අයගේ නොදන්නා කම මීට අඩුවෙන් පසක් වෙන්නේ මිනිස් යහ-පැවැත්ම සම්බන්ධයෙන්? (සිනා)
ඉතින්, මේක, මං හිතනවා, තමයි ලෝකෙට දැන් ඕන කරලා තියෙන්නෙ. අපි වගේ මිනිසුන් අවශ්‍ය කරනවා පිළිගන්න, හරි සහ වැරදි පිළිතුරු තියෙනවා කියලා, මිනිස් සමෘධියේ ප්‍රශ්න වලට, සහ සදාචාරය සම්බන්ධයි කියලා ඒ 'කරුණු' වල බලප්‍රදේශයට. පුළුවන් පුද්ගලයන්ට සහ සමස්ත සංකෘතීන්ටම වැරදි දේවල් ගැන සලකා බලන්න. තවත් විදියකින් කියනවා නම් ඔවුන්ට පුළුවන් විශ්වාස සහ අපේක්ෂාවන් තියාගන්ට, නිසැකවම අනවශ්‍ය මිනිස් වද වේදනාවන් කරා යැවෙන. හුදෙක් මේ කාරණය පිළිගැනීමෙන් ම අපේ සදාචාරවත්බව පිළිබඳ කතිකාව පරිවර්තනයට ලක් වෙනවා. අපි ජීවත් වෙන්නේ ලෝකයක රාජ්‍යන් අතර සීමාවන් එන්න එන්න ම අර්ථ රහිතවන, සහ ඒවා යම් දවසක කිසිම තේරුමක් නැති වේවි.
අපි ජීවත් වෙන්නේ විනාශකාරී තාක්ෂණයෙන් පිරි ලෝකයක, සහ මේ තාක්ෂණය නො-සොයාගැනීමක් කරන්නට බැහැ, සැම විටම පහසු වනු ඇති, දේවල් හදනවාට වැඩිය කඩන්න. ඒ නිසා මට පෙනීයන පරිදි, නිසැකවම පැහැදිලියි අපට තවදුරටත් නොහැකි බව ගරු කිරීමට සහ ඉවසා දරා සිටීමට මිනිස් යහ-පැවැත්ම පිළිබඳ විශාල මත වෙනස්කම් වලට, අපි මෙන්න මේවායේ ඇති විශාල වෙනස්කම් වලට ගරු කරනවාට සහ ඉවසා දරා සිටිනවාට වඩා: ලෙඩ රෝග ව්‍යාප්ත වන්නේ කෙසේ ද යන්න පිළිබඳ මත වල නැතිනම් ගොඩනැගිලි වල සහ ගුවන් යානාවල ආරාක්ෂක ප්‍රමිති වල. සරලව ම අපි අභිසරණය විය යුතුයි මිනිස් පැවැත්මේ වැදගත්ම ප්‍රශ්න වලට දෙන පිළිතුරු සම්බන්ධව. එමෙන් ම, එය සිදු කිරීම සඳහා, මේ ප්‍රශ්න වලට පිළිතුරු ඇති බව අප පිළිගත යුතු වෙනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. (අත්පොලසන්)
ක්‍රිස් ඇන්ඩසන්: ඉතින්, පහසුවෙන් දැවෙන දේවල් ගොන්නක්. මේ සභාවේ වේවා ලෝකයේ වෙනත් තැනක වේවා මේවා සමහරක් ඇසීමෙන්, කරනවා වෙන්න පුළුවන්, කෝපාවිෂ්ඨව කෑමොර දීම නැමැති දේත්, මින් සමහරකට පසුව.
භාෂාව මෙහි දී සැබැවින් ම වැදගත් වෙනවා. ඔබ වේල් එක ගැන කතා කරද්දී, ඔබ කතා කරන්නේ රෙදි මළු හැඳි කතුන් ගැන. මම ජීවත් වෙලා තියෙනවා මුස්ලිම් ලෝකයේ, මම කතා කරලා තියෙනවා බොහෝ මුස්ලිම් කාන්තාවන් සමග ඔවුන්ගෙන් සමහරක් වෙනත් දෙයක් කියාවි. ඔවුන් කියාවි "නැහැ, ඔබ දන්නව ද, මෙය සැමරුමක් ස්ත්‍රී සුවිශේෂීත්වයේ, මෙය ඒ බව ගොඩනැංවීමට උදව් කරනු ඇතිවා මෙන් ම මෙය එහි ප්‍රතිපලයක් වනු ඇති..." එමෙන්ම මෙය විවාදාත්මකව ම සංකීර්ණ මානසික දෘශ්ටියක්, "පිරිමි කාම තණ්හාව විශ්වාස නොකළ යුතු බව." මං කියන්නේ, ඔබට දෙබසක නිරත වෙන්න පුළුවන් ද එවන් කාන්තාවක් සමග සංස්කෘතික අධිරාජ්‍යවාදියෙක් ලෙස නොපෙනී.
සෑම් හැරිස්: ඔව්, ඉතින් මං හිතන්නේ මම මෙය මතුකරන්න උත්සාහ කලා කියලා වැකියකින් තුළින් වේලාව දුවනවා බලමින්, නමුත් ප්රශ්නය තමයි, ස්වකැමැත්ත වන්නෙ කුමක් ද, සන්ධර්භයක, මිනිසුන් යම් බලාපොරොත්තු තියෙන, සහ ඔබ එක්තරා ආකාරයකට සැලකිල්ලට ලක්වීමට සහතික වී තිබෙන, ඔබ ඔබව ආවරණය නොකලොත්. එම නිසා, මේ කාමරයේ ඉන්න ඕනෑම කෙනෙක් හිජාබයක් පළඳින්න කැමති නම්, නැතිනම් ඉතා විසුළු තොප්පියක් නැත්නම් මූහුණේ පච්ච කොටන්නට -- මං හිතවා අපට නිදහස තියෙන්න ඕනෙ ස්වකැමැත්තෙන් ම අපට කැමැති ඕනැම දෙයක් කරන්න, නමුත් අපි අවංක වෙන්න ඕන මේ කාන්තාවන් සිරකර ඇති සීමා කිරීම් මොනවා ද කියලා. ඉතින් මම හිතනවා අපි එතරම් උනන්දු නොවිය යුතුයි කියලා හැම විට ම ඔවුන් කියන දේ ම පිළිගන්න, විශේෂයෙන් ම එය අංශක 120 ක් පිට සහ ඔබ සම්පූර්ණ බුර්කාවම ඇඳ සිටින විට.
ක්‍රි.ඇ.: බොහෝ දෙනෙක් විශ්වාස කරන්න කැමතියි මේ සදාචාර දියුණුව නැමති සංකල්පය. නමුත් ඔබට එය යම් එකඟතාවයකට ගෙන එන්න පුළුවන් ද? මං තේරුම් ගත්ත හැටියට ඔබ එහෙම පුළුවන් කිව්වා එය එකඟතායකට ගෙන එන්න, ලෝකයක් සමඟ ඒක මානීය නොවන්නා වූ, අපි හැමෝම එකම අයුරින් සිතිය යුතු වූ. ඔබ දකින පිංතූරය පාට කරන්න, මොන වගේ ද කියලා ඔරලෝසුව ඉදිරියට කරකැව්වොත්, අවුරුදු 50ක් අවුරුදු 100ක්, ඔබ කොහොම ද හිතන්න කැමති ලෝකය ගැන, සදාචාර දියුණුව තුලනය කරන විචිත්රත්වය සමඟ.
සැ.හැ.: හොඳයි, මං හිතනවා ඔබ පිළිගත් පසු අපි ඉන්නේ අපේ මනස තේරුම් ගැනීම කරා යන මාවතේ කියලා, මොළයේ මට්ටමින්, ඉතා වැදගත් විස්තර සහිතව, එවිට ඔබ පිළිගත යුතුයි අපි තේරුම්ගන්න යනවා, සියලු ම, ධනාත්මක සහ සෘනාත්මක ගුණාංග, අපේ ජීවිත වල ඇති, වඩාත් සවිස්තරාත්මකව. ඉතිං, අපි ධනාත්මක සමාජ චිත්තවේග හඳුනාගන්නයි යන්නෙ සහවේදනය සහ දයානුකම්පාව වැනි. එමෙන් ම අපි තේරුම් ගන්න යනවා සාධක එය දිරි ගන්වන, ඒවා ජානමය වේවා, මිනිස්සු එකිනෙකාට කතා කරන හැටි වේවා, ආර්තික පද්ධති වේවා. එය ආලෝකමත් කිරීම ඇරඹීම දක්වා අපි නොවැළැක් විය හැකි ලෙස එක්තැන් වෙනවා අප කියූ 'කරුණු' අවකාශයට.
ඉතින් හැම දෙයක් ම අපට ඩැහැගැනීමට නැහැ. ඒක මෙහෙම වෙන්නේ නැහැ. මගේ දුවට උපතේ සිට හිජාබයක් ඇන්දීම හොඳ වෙන්නෑ, ඇයට උගැන්වීම තරම්, ආත්ම විශ්වාසයෙන් යුතු වීමට සහ හොඳින් ඉගෙනීමට, ගැහැණුන් කෙරෙහි කෑදර කමින් සිටින මිනිසුන් ගේ සන්දර්භයක් තුළ. මං අදහස් කරන්නේ, හිතන්න එපා එන්.එස්.එෆ් (ජාතික විද්‍යා පදනමේ) ප්රතිපාදනයක් ඕන කියලා තේරුම් ගන්නට හිජාබය අනිවාර්යය කිරීම නරක අදහසක් කියලා. නමුත් එක්තරා ස්ථානයක දී අපට හැකි වෙනවා සම්බන්ධ සෑම දෙනාගේම මොළ පරිලෝකනය (ස්කෑන්) කරන්න සහ ඇත්තෙන් ම හරස් ප්‍රශ්න අහන්න. මිනිස්සු තම දරුවන්ට ආදරේ ද මේ ක්‍රමයෙන් පෙනෙන පරිදීත්? ඒ වගේම මම හිතනවා පැහැදිලිවම එයට නිවැරදි පිළිතුරු තියෙනවා කියලා.
ක්‍රි.ඇ.: ඒ වගේම ප්‍රතිපලත් ඇත්තෙන්ම ඔවුන් ආදරෙයි කියලා ආවොත්, ඔබ සූදානම් ද ඔබේ සහජාශයික වර්තමාන තීන්දුව වෙනස් කරන්න මේ සමහර කාරණා සම්බන්ධව?
සැ.හැ.: ඔව් ඇත්තෙන්ම, [අපැහැදිලියි] එක් පැහැදිලි කරුණක්, ඔබට කෙනෙකුට ආදරය කරන්න පුලුවන් සැබැවින් මායාමය විශ්වාස පද්ධතියක සන්ධර්භයේ. එවිට ඔබට මේ වගේ කියන්න පුළුවන්, "මම දැනගෙන සිටිය නිසා මගේ සමලිංගික පුතා යාළුවෙක් හොයා ගත්තොත් නිරයට යනවා කියලා, මම එයාගේ ගෙල සිඳ දැම්මා. ඒ වගේම එක තමයි කට කරන්නට තිබුණ හොඳම දයානුකම්පිත දේ." ඔබ ඒ හැම කොටසක් ම පෙලගස්වා ගත්තොත්, ඔව් මං හිතනවා ඔබට බොහෝ විට ආදරය නමැති චිත්තවේයය දැනේවි. නමුත් ආයෙමත්, එවිට අපිට කතා කරන්න සිද්ධ වෙනවා යහ පැවැත්ම ගැන වඩා පුළුල් සන්දර්භයක සිට. අපි සියළු දෙනාම මේකෙ එකට ඉන්නෙ, මේක මේ එක මිනිහෙක් අතිමහත් ආනන්දයකට පත්වෙලා බස් එකත් ඇතුළේ පුපුරව ගන්නවා නෙවෙයි.
ක්‍රි.ඇ.: මේක කතාබහක් ඇත්තෙන්ම මම ඉතා ආස පැය ගණනාවක් දිගටම කරගෙන යන්න. අපට එහෙම වෙලාව නැහැ, නමුත් තවත් අවස්ථාවක බලමු. බොහොම ඉස්තුතියි TED වලට පැමිණියාට.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation, or join one of these:
හොඳ සහ නරක, හරි සහ වැරදි කාරණා පිළිබඳ ප්‍රශ්න වලට විද්‍යාවෙන් පිළිතුරු සැපයිය නොහැකි බව බොහෝ දෙනා සිතනවා. නමුත් මිනිස් වටිනාකම් හැඩගස්වමින් සහ යහපත් දිවියක ඇතුලත් විය යුතු දෑ දක්වමින්, විද්‍යාවට සදාචාර කරුණු සම්බන්ධව අධිකාරියක් විය හැකි -- හා විය යුතු -- බවට සෑම් හැරිස් තර්ක කර සිටිනවා.
Adored by secularists, feared by the pious, Sam Harris' best-selling books argue that religion is ruinous and, worse, stupid -- and that questioning religious faith might just save civilization. Full bio »
Translated into Sinhala by Lalith Manage
Reviewed by Dulini Mudunkotuwa
Comments? Please email the translators above.
16:38 Posted: Oct 2009
Views 396,885 | Comments 243
15:26 Posted: Jul 2007
Views 869,778 | Comments 343
29:10 Posted: Apr 2007
Views 2,007,079 | Comments 5844
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.